අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ (Marco Rubio) ප්‍රධානත්වයෙන් වොෂින්ටන් නුවරදී පැවැති ඊශ්‍රායල – ලෙබනන සටන් විරාම සාකච්ඡා කිසිදු නිශ්චිත එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. 1948 වසරෙන් පසු දෙරට අතර පැවැති මෙම දුර්ලභ රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී යුධ ගැටුම් නැවැත්වීම සඳහා පැහැදිලි තීරණයක් ගැනීමට දෙපාර්ශ්වයම අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන වේලාවක සහ ස්ථානයකදී යළිත් නිල මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට දෙරටේ නියෝජිතයින් එකඟ වී ඇත. පවතින ඉරාන යුධ වාතාවරණය සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙම සාකච්ඡා බිඳ වැටීම කලාපීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ බිය පළ කරති.














