උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදන හැකියාව ඉතා බරපතල මට්ටමකින් ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) අද (15) ප්‍රකාශ කළේය සෝල් නුවරදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උතුරු කොරියාවේ යොන්ග්බියොන් (Yongbyon) න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රතික්‍රියාකාරක සහ අනෙකුත් පහසුකම්වල ක්‍රියාකාරීත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි
උතුරු කොරියාව සතුව මේ වන විට න්‍යෂ්ටික යුද ශීර්ෂ (Warheads) දුසිම් කිහිපයක් පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව ද ඔහු සඳහන් කළේය ජාත්‍යන්තර පරීක්ෂකයන්ට සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට උතුරු කොරියාව ඉඩ ලබා නොදෙන පසුබිමක එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති මුරටැබ විසින් මෙම තත්ත්වය ඉතා අවදානම් සහගත බව පෙන්වා දෙයි මෙම වර්ධනය කලාපීය ආරක්ෂාවට සෘජු තර්ජනයක් වන බැවින් ජාත්‍යන්තර ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි














