ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවට අයත් නාවිකයින් 240 දෙනෙකු ඊයේ (14) විශේෂ ගුවන් යානයක් මගින් යළි ඉරානය වෙත පිටත් කර යවා තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මෑතකදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ‘IRIS Dena’ නෞකාවේ සිට බේරාගත් නාවිකයන් 32ක් සහ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි 204ක් මෙම පිරිසට ඇතුළත් වූ බවයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි විශේෂ ‘ටර්කිෂ්’ (Turkish) ගුවන් යානයක් මගින් ඔවුන් මෙලෙස පිටත් කර හැරීමට කටයුතු කර ඇත. පවතින අමෙරිකා-ඉරාන යුධ වාතාවරණය හමුවේ මානුෂීය පදනම මත ශ්‍රී ලංකාව ලබාදුන් මෙම සහයෝගය ජාත්‍යන්තර අවධානයට ද ලක්ව තිබේ.
















