ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය නිමා කිරීම සඳහා වන සාම සාකච්ඡා යළි ආරම්භ වීමේ ඉඟි පළ වීමත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල අද (15) සුළු වශයෙන් පහත වැටී තිබේ පසුගිය මාසයක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයට ඊයේ රන් මිල පැමිණි නමුත් ඇමෙරිකානු ඩොලරය යළි ශක්තිමත් වීම සහ ආයෝජකයන් කොටස් වෙළඳපොළ දෙසට නැඹුරු වීම නිසා රන් මිල මෙලෙස 0.3% කින් පමණ අඩු වී ඇත
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා හටගත් අර්බුදය නිරාකරණය කර ගැනීමට ඉදිරි දින දෙක ඇතුළත පාකිස්තානයේදී සාකච්ඡා පැවැත්විය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ කෙසේ වෙතත් ඇමෙරිකානු හමුදා විසින් ඉරානයට පනවා ඇති මුහුදු මාර්ග වෙළඳ සම්බාධක තවදුරටත් දැඩි කර ඇති බැවින් වෙළඳපොළ තුළ යම් අවිනිශ්චිත තාවයක් ද පවතී සාම සාකච්ඡා සාර්ථක වුවහොත් රන් මිල තවදුරටත් ස්ථාවර විය හැකි නමුත් සාකච්ඡා බිඳ වැටුණහොත් රන් මිල යළිත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති














