පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධී බවට තීන්දු කර ඉවත් කරන ලද තීරු බදු වෙනුවෙන්, අදාළ ආනයනකරුවන්ට අමෙරිකානු ඩොලර් බිලියන 166ක මුදලක් ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ලබන සඳුදා (20) ආරම්භ කිරීමට එක්සත් ජනපද පරිපාලනය තීරණය කර තිබේ. මෙම දැවැන්ත මුදල් ආපසු ගෙවීම සඳහා වන විශේෂ පද්ධතිය එදින සිට ක්‍රියාත්මක වනු ඇත. ගෝලීය බලශක්ති අර්බුදය සහ ඉරාන යුධ තත්ත්වය හමුවේ අමෙරිකානු ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගන්නා වැදගත් පියවරක් ලෙස මෙය සැලකෙන අතර, මෙමගින් එරට ව්‍යාපාරික ප්‍රජාවට විශාල මූල්‍ය සහනයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














