අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන සහ කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට නිවාඩු හිමිවූයේ පසුගිය සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පමණි. මේ අතර, අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද සිට අතිරේක බස් රථ ධාවනයට එක් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවෙත උපදෙස් ලබා දී තිබේ.














