පසුගියදා පැවති යුධමය වාතාවරණය තුළ මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය රහසිගතව චීන ඔත්තු බලන චන්ද්‍රිකාවක සහාය ලබාගෙන ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කරයි. මෙම නව තාක්ෂණික හැකියාව හරහා ඉතා නිවැරදි ලෙස අමෙරිකානු ඉලක්ක හඳුනා ගැනීමට ඉරාන බලධාරීන්ට අවස්ථාව ලැබී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම හෙළිදරව්වත් සමඟ අමෙරිකාව සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් දැඩි පීඩනයකට ලක්වනු ඇති අතර, මැයි මාසයේ පැවැත්වීමට නියමිත ට්‍රම්ප්ගේ චීන සංචාරයට ද මෙය යම් බලපෑමක් එල්ල කළ හැකි බව විචාරකයෝ පවසති. රොයිටර් පුවත් සේවය පවසන පරිදි, මෙම චන්ද්‍රිකා දත්ත හුවමාරුව මගින් ඉරානයට සිය මිසයිල ප්‍රහාරවල නිරවද්‍යතාවය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී වාසියක් සැලසී තිබේ.














