සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මීටා (Meta) සමාගම, සිය යෙදුම් පුරා කෘතිම බුද්ධි (AI) විශේෂාංග සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය පරිගණක බලය සහ චිප් සැකසුම් තාක්ෂණය දියුණු කරගැනීමේ අරමුණින් බ්‍රෝඩ්කොම් (Broadcom) සමාගම සමඟ ඇති ගිවිසුම දීර්ඝ කර තිබේ. මෙම නව එකඟතාවය අනුව 2029 වසර දක්වා දෙපාර්ශවය එක්ව කටයුතු කරනු ඇති අතර, එමඟින් මීටා සමාගම සඳහාම සුවිශේෂී වූ (Custom) AI ප්‍රොසෙසර් පරම්පරා කිහිපයක් නිර්මාණය කිරීමට නියමිතය. කෘතිම බුද්ධි තාක්ෂණය ඔස්සේ ලොව ප්‍රමුඛයා වීමට මීටා සමාගම දරන උත්සාහයේ තීරණාත්මක පියවරක් ලෙස මෙය සැලකේ.
මෙම ගිවිසුම යටතේ ගිගාවොට් එකකට (1 GW) වඩා වැඩි පරිගණක ධාරිතාවක් ලබා ගැනීමට මුලිකවම එකඟ වී ඇති අතර, එය ඇමරිකාවේ නිවාස 750,000කට පමණ විදුලිය සැපයීමට ප්‍රමාණවත් වන තරම් අතිවිශාල ශක්තියකි. කෘතිම බුද්ධි මාදිලි පුහුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අතිශය සංකීර්ණ දත්ත මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් ගොඩනැගීමට මෙම සහයෝගීතාවය මහෝපකාරී වනු ඇත. දිනෙන් දින දියුණු වන AI වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය රඳවා ගැනීමට නම් මෙවැනි සුවිශේෂී දෘඩාංග තාක්ෂණයක් සතු කර ගැනීම අතිශය වැදගත් බව මීටා සමාගමේ විශ්වාසයයි.
















