මෙරට රත්‍රං වෙළෙඳපොළේ රන් මිල ගණන් රුපියල් 4,000කින් පමණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්තවලට අනුව “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය අප්‍රේල් 11 වනදා මෙම අගය දැක්වුණේ රුපියල් 366,200ක් ලෙසය.
මේ අතර, පසුගිය සෙනසුරාදා රුපියල් 398,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල ද අද වන විට රුපියල් 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි. ගෝලීය වෙළෙඳපොළේ සිදුවන වෙනස්වීම් සහ පවතින ආර්ථික වාතාවරණය මෙලෙස දේශීය රන් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.














