සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හින්දු ආගමික වතාවත්වලට සහභාගී වූවාය. වත්තල, හේකිත්ත ශ්‍රී සිවසුභ්‍රමනියා ස්වාමි දේවස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්වුණු අතර, උදාවූ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබාගැනීම මෙහි අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද එක්ව සිටියේය. අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරමින් අග්‍රාමාත්‍යවරිය මෙලෙස හින්දු බැතිමතුන් සමඟ ආගමික වතාවත්වල නිරත වීම සුවිශේෂී වේ.
















