සුඩානයේ පවතින යුද වාතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් මෙම වසරේදී අමතර යුරෝ මිලියන 20ක (අමෙරිකානු ඩොලර් මිලියන 23.6ක් පමණ) ආධාර ලබා දීමට ජර්මනිය තීරණය කර තිබේ. බර්ලින් නුවරදී අද (15) පැවැත්වීමට නියමිත සුඩානය පිළිබඳ ජාත්‍යන්තර ආධාර සමුළුවට පෙර ජර්මන් සංවර්ධන අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
2025 වසර අවසානය වන විට සුඩානයේ සහ ඒ අවට රටවල ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජර්මනිය යුරෝ මිලියන 155.4ක ආධාර ලබා දී තිබූ අතර, අලුතින් එක් කළ මෙම ප්‍රතිපාදන සමඟ එම ආධාර වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය. මීට අමතරව ඉදිරි සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ද ජර්මන් රජයේ අවධානය යොමුව පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.














