DLA Piper නීති සමාගමේ සේවය කළ හිටපු නීතිඥවරියක විසින් පවරන ලද නඩුවක් ප්‍රතික්ෂේප කිරීමට මැන්හැටන්හි ෆෙඩරල් ජූරි සභාව සඳුදා තීරණය කළේය. 2022 වසරේදී තමන් මාතෘ නිවාඩු (Maternity leave) ඉල්ලා සිටීම හේතුවෙන් සමාගම තමන්ව සේවයෙන් පහ කළ බවට ඇය චෝදනා කර තිබුණි.
සතියක කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව, නිව් යෝර්ක් නගරයේ සහ ප්‍රාන්තයේ මෙන්ම ෆෙඩරල් නීති යටතේ ද අදාළ සමාගම වෙනස්කොට සැලකීම් (Discrimination) සිදු කර නොමැති බව ජූරි සභාව නිගමනය කළේය. මෙම තීන්දුව හිටපු සහකාර නීතිඥවරියක වන අනීෂා මේතා (Anisha Mehta) සහ ඇය වෙනුවෙන් පෙනී සිටි Wigdor LLP නීති සමාගමට එල්ල වූ දැඩි පසුබෑමකි. සමාගම් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම තීන්දුව මඟින් සිය ආයතනයේ ක්‍රියාකලාපයේ සාධාරණත්වය තහවුරු වූ බවයි.














