සුප්‍රකට ඇඟලුම් සන්නාමයක් වන Lululemon සමාගම සිය ක්‍රීඩා ඇඳුම් (Activewear) නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර “සදාකාලික රසායනික ද්‍රව්‍ය” (Forever chemicals) භාවිත කරන්නේද යන්න පිළිබඳව ටෙක්සාස් ප්‍රාන්ත නීතිපති කෙන් පැක්ස්ටන් (Ken Paxton) විමර්ශනයක් ආරම්භ කර තිබේ. සඳුදා දින X සමාජ මාධ්‍ය ජාලය හරහා ඔහු මේ බව නිවේදනය කළේය.
මෙම පරීක්ෂණයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ Lululemon ඇඳුම්වල PFAS (per- and polyfluoroalkyl substances) නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගුද යන්න සොයා බැලීමටයි. PFAS රසායනික ද්‍රව්‍ය ස්වභාවිකව විනාශ නොවන බැවින් ඒවා “සදාකාලික රසායනිකයන්” ලෙස හැඳින්වේ. පාරිභෝගිකයින් සිය සෞඛ්‍යය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් මෙම ඇඳුම් මිලදී ගන්නා පසුබිමක, සමාගමේ ප්‍රචාරණ කටයුතුවලට පටහැනිව මෙවැනි විෂ ද්‍රව්‍ය අඩංගු වීම බරපතල ගැටලුවක් බව නීතිපතිවරයා පෙන්වා දෙයි.














