ඇමෙරිකානු බැංකු ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දීමට නියමිත නව “බැසෙල්” (Basel) නීති සංශෝධන යටතේ අනෙකුත් ප්‍රධාන පෙළේ බැංකුවලට සහනයක් හිමි වෙද්දී, JPMorgan Chase බැංකුවේ අවශ්‍යිත ප්‍රාග්ධනය (Required Capital) 4%කින් පමණ ඉහළ යනු ඇතැයි එම බැංකුවේ විධායක නිලධාරීන් ප්‍රකාශ කර ඇත. අඟහරුවාදා නිකුත් කරන ලද පළමු කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා සමඟ මෙම තොරතුරු අනාවරණය කළ අතර, මෙලෙස ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ යාම ණය ලබාගන්නා පාරිභෝගිකයින්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති. ෆෙඩරල් බැංකුවේ (Fed) ඇස්තමේන්තුවලට අනුව අනෙකුත් විශාල බැංකුවල ප්‍රාග්ධන අවශ්‍යතාව 4.8% සිට 7.8% දක්වා අගයකින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එමඟින් එම බැංකුවලට ඩොලර් බිලියන ගණනක අමතර මුදලක් ණය ලබා දීම සඳහා හෝ කොටස් යළි මිලදී ගැනීම (Buybacks) සඳහා නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම තත්ත්වය හමුවේ Goldman Sachs සහ Citigroup වැනි බැංකු විධායකයින් නව නීති සංශෝධන සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාර දක්වන අතර, මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙමඟින් බැංකු පද්ධතිය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 320ක් පමණ නිදහස් විය හැකි බවයි. කෙසේ වෙතත්, JPMorgan හි ප්‍රධාන මූල්‍ය නිලධාරී ජෙරමි බානම් පවසන්නේ තම බැංකුව විශාල සහ පද්ධතිමය වශයෙන් ඉතා වැදගත් (Systemically important) බැංකුවක් ලෙස සැලකීම නිසා මෙම අසාධාරණ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ, තම බැංකුවට පමණක් මෙලෙස වැඩි ප්‍රාග්ධනයක් රඳවා ගැනීමට සිදු වීම අනෙකුත් බැංකු සමඟ තරග කිරීමේදී අවාසියක් වනු ඇති බවට ද ඔවුන් අදහස් පළ කර තිබේ.














