මන්නාරම, වංගාලපාඩුව මුහුදේදී අද (15) අලුයම ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරත් සමඟ අතුරුදන් වූ අදාළ ධීවරයාගේ මළසිරුර සෙසු ධීවරයන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුරින් යාත්‍රා දෙකට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය සහ ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.















