අද (16) පස්වරු 1.00 න් පසුව බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම ඌව සහ වයඹ යන පළාත්වල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ද බලාපොරොත්තු විය හැක
මීට අමතරව උදෑසන කාලයේදී මධ්‍යම සබරගමුව උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි














