අමෙරිකාව සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමේ එකඟතාවයක කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමාන් පාර්ශවයට අයත් මුහුදු තීරය හරහා නෞකාවලට නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබා දීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ටෙහෙරාන් පාලනය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අනුව අදාළ මුහුදු සීමාව හරහා ගමන් කරන නෞකාවලට කිසිදු ප්‍රහාරාත්මක තර්ජනයකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත
නව යුදමය ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා අමෙරිකාව සමඟ පවතින සාකච්ඡාවලදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ටෙහෙරාන් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි මේ අතර අමෙරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ද යෝජනා වී ඇති අතර දෙරට අතර එකඟතාවයකට පැමිණිය හැකි බවට අමෙරිකාව විශ්වාසය පළ කරයි














