අප්‍රේල් පළමු වැනිදා සිට 12 වැනිදා දක්වා වූ උත්සව කාලසීමාව තුළ සිදු කළ වැටලීම්වලදී වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මෙම කාලය තුළ දිවයින පුරා වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී වැටලීම් 2,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර තිබේ.
සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම පියවර ගෙන ඇති බව එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය. ඉදිරියේදී එළඹෙන වෙසක් සහ පොසොන් උත්සව සමයන් ඉලක්ක කර ගනිමින් ද මෙවැනි විශේෂ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.














