හම්බෙගමුව ප්‍රදේශයේ ඉතා සරුවට පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පියවර ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි අදාළ හේනේ වගා කර තිබූ ගංජා ගස්වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධිකය.
මෙම වැටලීමේදී ගංජා හේන වගා කළ බවට සැකකෙරෙන හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














