ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයේ ඉදිවන සෝනි (Sony) සමාගමට අයත් නව රූප සංවේදක (Image sensor) කර්මාන්තශාලාව සඳහා ජපාන රජය විසින් යෙන් බිලියන 60 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක) සහනාධාරයක් ලබා දෙන බව ජපාන කර්මාන්ත අමාත්‍ය රියෝසෙයි අකසාවා අද (17) ප්‍රකාශ කළේය ස්වයංක්‍රීයව ධාවනය වන වාහන සහ භෞතික කෘතිම බුද්ධිය (Physical AI) සඳහා රූප සංවේදක අත්‍යවශ්‍ය වන බැවින් එහි ස්ථාවර සැපයුමක් සහතික කිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳන් කළේය
ස්මාර්ට්ෆෝන් සඳහා භාවිත වන රූප සංවේදක නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකු වන සෝනි සමාගම, සිය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ප්‍රබලත්වයට අමතරව මෙම උසස් තාක්ෂණික ක්ෂේත්‍රය තුළ ද සිය ආධිපත්‍යය තහවුරු කිරීමට මෙමඟින් බලාපොරොත්තු වේ ගෝලීය වශයෙන් පවතින අර්ධ සන්නායක (Semiconductor) තරඟකාරිත්වය හමුවේ ජපානය සිය දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට මෙලෙස දැවැන්ත ආයෝජනයන් සිදු කරමින් සිටියි














