අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 2026 වසරේ පළමු ශ්‍රේණියේ දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මෙම ක්‍රියාවලිය ලබන අප්‍රේල් 30 වනදා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීම අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
නව විෂය මාලාවට අදාළව පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් ද මේ වන විට සාර්ථකව පවත්වා අවසන් කර ඇති බව වාර්තා වේ. යම් හෙයකින් පළමු වාරයේ විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතින්නේ නම්, දෙවන වාරය ආරම්භයේදීම එම කොටස් සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ. සිසුන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය මෙම පියවර ගෙන ඇත.


















