දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (17) නියෝග කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන අප්‍රේල් මස 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක සංවර්ධන සැලසුමක් අනුමත කර දීම සඳහා එහි හිමිකරුට අයුතු වාසියක් සැලසෙන අයුරින් කටයුතු කරමින් දූෂණය නමැති වරද සිදු කළ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.














