ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක් (Charlie Kirk) ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින ටයිලර් රොබින්සන් (Tyler Robinson), නඩු විභාගය අතරතුර අධිකරණ ශාලාව තුළ කැමරා භාවිතය තහනම් කරන ලෙස ඉල්ලා තිබේ. සජීවී විකාශයන් හේතුවෙන් තමාට සාධාරණ නඩු විභාගයක් ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ඔහු පවසයි.
ටයිලර් රොබින්සන්ගේ නීතිඥයන් පෙන්වා දෙන්නේ මාධ්‍ය මඟින් සිද්ධිය වාර්තා කරන ආකාරය පක්ෂග්‍රාහී වන අතර, එය අනාගත ජූරි සභිකයන්ගේ තීරණවලට අහිතකර ලෙස බලපෑ හැකි බවයි. විශේෂයෙන්ම, ඇතැම් මාධ්‍ය වාර්තාවල රොබින්සන් මෙම ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ බවට අසත්‍ය තොරතුරු පළ කර ඇති බව ඔවුහු පවසති.
පසුගිය දෙසැම්බර් 11 වනදා රොබින්සන් සිය නීතිඥයන් සමඟ රහසින් කතා කළ දර්ශනයක් පදනම් කරගනිමින්, ‘ලිප් රීඩින්’ (Lip reading) විශ්ලේෂණයක් හරහා ඔහු වරද පිළිගත් බවට නිව්යෝර්ක් පෝස්ට් (New York Post) පුවත්පත වාර්තා කර තිබුණි. එහි රොබින්සන් “මම දිනපතා මෙම වෙඩි තැබීම ගැන හිතනවා” යනුවෙන් පැවසූ බව සඳහන් විය. නීතිඥයන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.
සජීවී දර්ශන විකාශය කිරීම අධ්‍යාපනික අරමුණකට වඩා මාධ්‍ය ආයතනවල ලාභය, දේශපාලන අරමුණු සහ විත්තිකරු අපහසුතාවයට පත් කිරීම සඳහා පමණක් භාවිත වන බව විත්ති පාර්ශවය අධිකරණයට දන්වා ඇත.
විත්තිකරුගේ මෙම ඉල්ලීම සලකා බැලීම සඳහා ටයිලර් රොබින්සන් අද (අප්‍රේල් 17) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. ලොව පුරා දැඩි අවධානයක් යොමු වී ඇති මෙම නඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවධානයෙන් පසුවේ.














