විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස නිදහස් කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
බලගොල්ල ජල පවිත්‍රාගාරය මඟින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම සහ BOI ආදී ප්‍රදේශවල ජල සම්බන්ධතා 16,977ක් සඳහා ජලය සපයනු ලබයි.
පැවති දැඩි නියඟය හමුවේ ජලාශයේ ජල මට්ටම පහළ යාම සහ ‘දිට්වා’ කුණාටුවෙන් පසු ජලය ලබාගන්නා ස්ථානවල (Intake) අධික ලෙස මඩ තැන්පත් වීම හේතුවෙන් අප්‍රේල් 06 සිට 15 දක්වා දින 10ක පමණ කාලයක් පිරිපහදු ක්‍රියාවලිය අඩපණ වී තිබුණි.
ජල පිරිපහදු ක්‍රමය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර, තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කර ඇත. අවශ්‍යතාව පවතින ප්‍රදේශ සඳහා බවුසර් මඟින් ද ජලය සැපයීමට පියවර ගෙන තිබේ.
ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදා ගනිමින් කිලෝමීටර් 2ක පමණ අතිරේක නල මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එම කටයුතු ඉදිරි දින 2-3 ඇතුළත අවසන් කිරීමට අපේක්ෂිතය.














