පුත්තලම, කරඹ ප්‍රදේශයේදී මෙරට ආරක්ෂිත සත්ත්ව විශේෂයක් වන ගල් ඉබ්බන් දස දෙනෙකු ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඊයේ (අප්‍රේල් 16) දහවල් කාලයේදී මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26ක පසුවන පුත්තලම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සතුන් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. මෙම සතුන් විකිණීම සඳහා රැගෙන ආවේද නැතහොත් සංවිධානාත්මක ජාවාරමක කොටසක්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් අද (අප්‍රේල් 17) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














