2025 ඔක්තෝබර් 30 වනදා සිට අද (2026 අප්‍රේල් 17) දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වල සමස්ත වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
පොලිසිය විසින් සිදු කරන ලද වැටලීම් 151,757කදී මත්ද්‍රව්‍ය වර්ග රැසක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1,418ක්, අයිස් (ICE) කිලෝග්‍රෑම් 1,975ක්, කොකේන් කිලෝග්‍රෑම් 271ක් සහ ගංජා කිලෝග්‍රෑම් 5,112ක් වේ. මීට අමතරව ගංජා පැල 7,358,652ක් සොයාගෙන ඇති අතර කුෂ් කිලෝග්‍රෑම් 316ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 192ක්, මදන මෝදක කිලෝග්‍රෑම් 627ක් සහ මාවා කිලෝග්‍රෑම් 269ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී මුළු සැකකරුවන් 150,821 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 2,579 දෙනෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබයි. පුද්ගලයින් 1,974 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර නීති විරෝධී වත්කම් විමර්ශන 277ක් ද ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.












