ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී සිදුව ඇතැයි සැක කෙරෙන අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර තිබේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත මෙම උපදෙස් ලබා දී ඇත. අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර මාස 6ක් වැනි කෙටි කාලසීමාවක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ. විමර්ශනය අවසන් කිරීමෙන් පසු එහි සම්පූර්ණ වාර්තාව තමා වෙත ලබා දිය යුතු බව ද ජනාධිපතිවරයා කොමිසමට අවධාරණය කර ඇත.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පවතින චෝදනා විනිවිදභාවයකින් යුතුව විමර්ශනය කර සත්‍ය තොරතුරු ජනතාවට අනාවරණය කිරීම මෙහි මූලික අරමුණයි.














