හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය මව වූ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන්ට ලබා දුන් ආදර්ශවත් උපදෙස් පිළිබඳව අද (17) සිය ෆේස්බුක් ගිණුම හරහා අපූරු මතක ආවර්ජනයක නිරත වී තිබේ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අවධියේදී, අග්‍රාමාත්‍ය දියණියන් ලෙස තමන්ට පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී තිබුණේ එක් මෝටර් රථයක් පමණක් බව ඇය පවසයි.එකල බලයේ සිටියද රජයේ වාහන කිසිවක් සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කිරීමට තමන්ට අවස්ථාව හෝ අවසරය හිමි නොවූ බව ඇය මෙහිදී අවධාරණය කර තිබේ.වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ රාජ්‍ය දේපළ පරිහරණය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, සිය පවුල එදා අනුගමනය කළ විනය සහ ප්‍රතිපත්තිගරුක ක්‍රියාවලිය ඇය මෙලෙස යළි මතක් කර දී ඇත.














