මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකාවට බොරතෙල් රැගෙන ආ ප්‍රථම නෞකාව අද (17) කොළඹ වරායට සේන්දු විය.
ඉන්දියානු නැව් සංස්ථාවට අයත් ‘දේශ් මහිමා’ (DESH MAHIMA) නමැති මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබේ. එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක ප්‍රමාණයක් අඩංගු බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කරයි.
මෙම බොරතෙල් තොගය මේ වනවිට නෞකාවේ සිට සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර ඇත. කලාපීය යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම පිළිබඳ අවදානමක් පවතින අවස්ථාවක මෙම බොරතෙල් තොගය මෙරටට ලැබීම ඉතා වැදගත් වර්ධනයක් ලෙස සැලකේ.












