ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එරට ප්‍රමුඛ පෙළේ බිත්තර නිෂ්පාදන සමාගම් කිහිපයකට එරෙහිව විශ්වාසභංග නඩුවක් (Antitrust suit) පැවරීමට සූදානම් වන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි. Cal-Maine Foods සහ Versova ඇතුළු ප්‍රධාන නිෂ්පාදකයින් විසින් බිත්තර මිල සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස සහයෝගීතාවයෙන් කටයුතු කර ඇති බවට (Price coordination) මෙහිදී චෝදනා එල්ල වී තිබේ. මෙම පුවත ප්‍රචාරය වීමත් සමඟ Cal-Maine Foods සමාගමේ කොටස් අගය 3%කින් පමණ පහත වැටී ඇති බව ද වාර්තා වේ.
මෑත කාලීනව ඇමෙරිකාව තුළ බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, නිෂ්පාදකයින් විසින් හිතාමතා මිල පාලනය කරන බවට චෝදනා කරමින් නඩු රැසක් ද ගොනු කර ඇත. මෙම නව අධිකරණ ක්‍රියාමාර්ගය හරහා වෙළඳපොළ තුළ පවතින අසාධාරණ මිල පාලනයන් වැළැක්වීමට සහ තරඟකාරිත්වය සුරැකීමට බලධාරීන් අපේක්ෂා කරයි.














