ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩි සහ ඇමෙරිකානු රජයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා තිබේ. මෙය මෑතකදී පෙන්ටගනය සහ එම සමාගම අතර කෘත්‍රිම බුද්ධිය (AI) යුධ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පැවති මතභේදාත්මක තත්ත්වයකින් පසුව දෙපාර්ශ්වය අතර පැවති පළමු හමුවීමයි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ කෘත්‍රිම බුද්ධියේ ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය තුළ සහයෝගයෙන් කටයුතු කිරීමයි.
සමාගම විසින් හඳුන්වා දී ඇති නවතම ‘Mythos’ මාදිලිය මගින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඉහළ යා හැකි බවට පවතින බිය හමුවේ මෙම සාකච්ඡාව ඉතා තීරණාත්මක වී තිබේ. මීට පෙර ස්වයංක්‍රීය අවි පද්ධති සඳහා මෙම තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගුනද, මෙම නව සාකච්ඡා මගින් රජය සහ ඇන්ත්‍රොපික් සමාගම අතර යළිත් විශ්වාසය ගොඩනැගීමේ මාවතක් විවර වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.














