සන්දිවේලි, චිත්තාණ්ඩි 04 ප්‍රදේශයේදී 40 හැවිරිදි මවක සිය 20 හැවිරිදි පුතා අතින් ඝාතනයට ලක්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. චිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) සවස මෙම සිදුවීම සිදුව ඇති බව සන්දිවේලි පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය මව සහ ඇගේ පුතා අතර මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇත. පුතා විසින් මවට අතින් පයින් පහර දී ඇති අතර, පසුව ඇය මියගොස් තිබේ.
අපරාධයට සම්බන්ධ 20 හැවිරිදි පුතා මේ වන විට සන්දිවේලි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සන්දිවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














