මන්නාරම, තාල්වුපාඩු – තාරාපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ. ඊයේ (අප්‍රේල් 18) පස්වරුවේ බේකරි නිෂ්පාදන ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක මෙම දැරිය ගැටී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම මන්නාරම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 01 යි මාස 06 ක් වයසැති දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ත්‍රීරෝද රථ රියදුරු මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














