උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී ආයතන 21,796ක් පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් එක්ව මෙම වැටලීම් ආරම්භ කර ඇත. එහිදී ආහාර වැටලීම් 2,114ක් සිදු කර ඇති අතර නිලධාරීන් භාරයට ගත් ආහාර සාම්පල 4,308ක් අතරින් ආහාර වර්ග 3,044ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ පරීක්ෂා කිරීම්වලදී සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කළ වෙළෙඳසැල් 1,289ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇත. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන මෙම විශේෂ මෙහෙයුම් උත්සව සමය අවසන් වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














