කලාවැව, විජිතපුර දෙවන පටුමග ප්‍රදේශයේ නිවෙස් කිහිපයක ඇති දැඩි කළ සුනඛයින් දස දෙනෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් වස ලබා දී ඝාතනය කිරීමේ අවාසනාවන්ත පුවතක් අද (අප්‍රේල් 20) වාර්තා වේ.
මරා දැමුණු සුනඛයින් සියලු දෙනා නිවෙස්වල ආදරයෙන් ඇති දැඩි කළ සතුන් බව ප්‍රදේශවාසීහු පවසති. කිසියම් පලිගැනීමක් හෝ අමානුෂික චේතනාවක් මත මෙම සමූහ ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර, අදාළ පුද්ගලයා හඳුනාගෙන නීතිමය පියවර ගන්නා ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සමාජ මාධ්‍ය තුළ ‘ආලෝක’ නම් සුනඛයා පිළිබඳ පුවත දැඩි අවධානයට ලක්ව ඇති මොහොතක, කළාවැව ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම අමානුෂික සිදුවීම සත්ව ලෝලීන්ගේ දැඩි පිළිකුලට හා කණගාටුවට හේතු වී තිබේ.













