ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය එක්ව පවත්වන වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාස හේතුවෙන් කලාපීය රටවල් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය පළුදු නොවිය යුතු බව චීනය අද (අප්‍රේල් 20) ප්‍රකාශ කළේය.
ආසියා-පැසිෆික් කලාපයට මේ මොහොතේ වඩාත්ම අවශ්‍ය වන්නේ සාමය සහ සංහිඳියාව බවත්, බාහිර බලවේග මැදිහත් වී කලාපය තුළ බෙදීම් සහ ගැටුම් ඇති කිරීම නොවන බවත් ඔහු අවධාරණය කළේය. රටවල් අතර සිදුවන මෙවැනි හමුදාමය සහයෝගීතාවන් කලාපීය ස්ථාවරත්වයට හානිකර නොවිය යුතු බව බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු චීන මුහුදේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඇමෙරිකානු හිතවාදී පාර්ශවයන් මෙලෙස යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම කලාපයේ ආරක්ෂාවට අභියෝගයක් බව චීනයේ ස්ථාවරය වී තිබේ.














