ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු නොවන බවත්, ඔහුව ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් ඇමති ධුරයක් ලබා දුන්නේ සොරකම් කිරීම සඳහාම පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, 2004 වසරේ සිටම කුමාර ජයකොඩි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “කොමිස් කාක්කා” ලෙස කටයුතු කර ඇති බවයි.
2004 වසරේදී අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී, කුමාර ජයකොඩිව ලංකා පොහොර සමාගමේ “මිලදී ගැනීමේ කළමනාකරු” ලෙස පත් කළේ කොමිස් ලබා ගැනීමේ අරමුණින් බව ඔහු අනාවරණය කළේය. වත්මන් රජය යටතේ ඔහුට බලශක්ති අමාත්‍යාංශය ලබා දුන්නේ ද මෙවැනිම සොරකම් සිදු කිරීමට බවත්, මෙම ගල් අඟුරු වංචාව මාලිමාවේ සොරකමක් නොව “කුමාරවරුන් දෙදෙනෙකුගේ” පෞද්ගලික සොරකමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම වංචාව හේතුවෙන් ජාතික ජන බලවේගය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, අගමැතිනි හරිනි අමරසූරිය සහ බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් කුමාර ජයකොඩි ඉවත් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටි බවත් ගම්මන්පිල මහතා පවසයි. ජනාධිපතිවරයා සහ බිමල් රත්නායක මහතා අතර මේ සම්බන්ධයෙන් දරුණු මත ගැටුමක් පවතින බවත්, මේ වන විට මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර බලය බිමල් රත්නායක මහතා වෙත ගොනු වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













