පළාත් කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (අප්‍රේල් 20) පස්වරුවේ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හෙට (21) දිනය සඳහා ද වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් වැඩිපුර ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සහ එළිමහනේ වෙහෙසකර කටයුතු සීමා කිරීම මගින් මෙම අධික උණුසුමෙන් සිදුවන බලපෑම් අවම කර ගත හැකිය.












