ගල් අඟුරු වංචාව සහ වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කරයි. අද (අප්‍රේල් 20) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජනාධිපති විමර්ශන කොමිසම් හරහා අපරාධ යටපත් කිරීමේ උපක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට මුවා වී අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් ඉන්ධන ජාවාරම් ක්‍රියාත්මක වන බවට තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු මෙහිදී අනාවරණය කළේය. ශ්‍රී ලංකාව තෙල් බැරලයක් ඩොලර් 286ක් වැනි අධික මිලකට මිලදී ගත් බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා කළ හෙළිදරව්වත් සමඟ මෙම ජාවාරම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති බව ද රණවක මහතා පෙන්වා දුන්නේය.
ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් උච්චාවචනය වන අවස්ථාවක වෙනත් කිසිදු රටක් මෙලෙස අධික මිලකට තෙල් මිලදී නොගන්නා බවත්, මෙරට බලධාරීන්ගේ ක්‍රියාකලාපය බරපතල සැකයට තුඩු දෙන බවත් ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතාගේ රජය විසින් සමාගමකට ඩීසල් නැව් තොග 5ක් සඳහා ටෙන්ඩරයක් ලබා දී තිබූ බවත්, එහිදී බැරලයකට ඩොලර් 3.8ක මිලක් ලැබුණු බවත් ඔහු පැහැදිලි කළේය. එහෙත් එම තොගවලින් ලැබී ඇත්තේ නැව් දෙකක් පමණක් බවත්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම නිසා තෙවැනි තොගය නොලැබුණු බවත් ඔහු පැවසීය.
දෙපාර්තමේන්තුවට (CID) නිර්දේශ ලබා දී තිබුණද ඒවා ක්‍රියාත්මක නොවීම පිළිබඳව චෝදනා කළ හිටපු අමාත්‍යවරයා, වත්මන් පොලිසිය අපරාධ යටපත් කරන තත්ත්වයකට පත්ව ඇති බවට ද චෝදනා කළේය.














