වැලිගම ප්‍රදේශයෙන් ආගමික සහජීවනය සහ මානුෂීයත්වය විදහාපාන සුවිශේෂී පුවතක් වාර්තා වේ. ඒ, බස් රථයක් එනතුරු මග බලා සිටි භික්ෂූන් වහන්සේ නමකට සිය යතුරුපැදියෙන් ගමන් පහසුකම් සැලසීමට ඉස්ලාම් පූජකවරයෙකු ඉදිරිපත් වූ පුවතකි.
අලුත් අවුරුදු නිවාඩුවට සිය ගම් පියස වන වැලිගම, මුණමල්පෙ ප්‍රදේශයට වැඩම කළ ස්වාමීන් වහන්සේ නමක්, නැවත වැලිගම නගරයට වැඩම කිරීම සඳහා කොලේදණ්ඩ ප්‍රදේශයේ බස් රථයක් එනතුරු බොහෝ වේලාවක් රැඳී සිට ඇත. ඒ අවස්ථාවේ එම මාර්ගයේ ගමන් කළ වැලිගම පරණ කඩේ මීරා සාහිබ් සිද්ධස්ථානයේ ප්‍රධාන මවුලවී නාජිහ් මවුලවිතුමා, ස්වාමීන් වහන්සේ දුටු විගස සිය යතුරුපැදිය නතර කර උන්වහන්සේව එහි නංවාගෙන වැලිගම නගරය දක්වාම ප්‍රවාහන පහසුකම් සලසා දී තිබේ.
මෙම සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පවසන්නේ ජාති හෝ ආගම් භේදයකින් තොරව මෙවැනි මානුෂීය ක්‍රියාවන් සමාජය තුළ වඩ වඩාත් ව්‍යාප්ත විය යුතු බවයි. පටු බෙදීම්වලින් තොරව මෙවැනි සුහදශීලී සබඳතා පවත්වා ගැනීම රටේ සාමයට සහ සහජීවනයට මහඟු ආදර්ශයක් බව ද ඔවුහු පෙන්වා දෙති.














