රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද (අප්‍රේල් 20) නියෝග කළාය.
රාගම පොලිසිය මගින් අලුතින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනෙකු මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. මීට අමතරව, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ඇතුළුව දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් පස්දෙනා ද එදින දක්වාම තවදුරටත් රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
මෙම අමානුෂික සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහට ලක්වූ අතර, පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.














