දසුන් ශානක පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීමට තීරණය කිරීම හේතුවෙන් ඔහුට වසරක PSL තරග තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම තහනම නිසා දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.
ඔහු මෙවර PSL තරගාවලියේදී Lahore Qalandars කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියද, IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්වීමට තීරණය කිරීම මෙම විනය ක්‍රියාමාර්ගයට හේතු වී ඇත. අදාළ තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමා බෙහෙවින් කනගාටු වන බවත්, ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ප්‍රජාවගෙන් සහ සුපර් ලීග් රසිකයන්ගෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කර තිබේ.














