2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 70.4ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මෙය එම කාලසීමාව සඳහා නියමිතව තිබූ රුපියල් බිලියන 61.95ක ආදායම් ඉලක්කය අභිබවා යාමක් වන අතර, ඉලක්කගත ආදායමට සාපේක්ෂව 113.6%ක ප්‍රතිශතයකි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා සඳහන් කරන්නේ මෙය 2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 114.8%ක සැලකිය යුතු වර්ධනයක් බවයි. නව රජයේ නිසි මගපෙන්වීම සහ මත්පැන් නිෂ්පාදනාගාර දැඩි ලෙස අධීක්ෂණය කිරීම, ආරක්ෂිත මුද්‍රා භාවිතය සහ නීතිවිරෝධී මත්පැන් වැටලීම් පුළුල් කිරීම මෙම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
රාජ්‍ය ආදායම උපයන ප්‍රධාන ආයතන අතර තෙවන ස්ථානය හිමි සුරාබදු දෙපාර්තමේන්තුව, 2026 වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 245ක සමස්ත ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි.















