ඉරානයේ පවතින දේශපාලන සහ යුධමය අර්බුදය හමුවේ ප්‍රංශ ආර්ථිකයට යුරෝ බිලියන 4ක් සහ 6ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.70 – 7.05) අතර පාඩුවක් සිදුව ඇති බව ප්‍රංශ මුදල් අමාත්‍ය රෝලන්ඩ් ලෙස්කියර් (Roland Lescure) අද (21) ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රජයේ ණය ගැනීමේ පිරිවැය සහ බැඳුම්කර ප්‍රතිලාභ (Bond yields) සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ ණය පිරිවැය ඉහළ යාම නිසාම පමණක් ප්‍රංශ අයවැයට යුරෝ බිලියන 3.6ක අමතර බරක් එක්ව ඇති බවයි. මෙම ආර්ථික පසුබෑම හමුවේ ඇතැම් වියදම් අත්හිටුවීමට (Spending freeze) සහ බලශක්ති ක්ෂේත්‍රය සඳහා ඉලක්කගත සහන ලබා දීමට ප්‍රංශ රජය සැලසුම් කරමින් සිටී. ගෝලීය දේශපාලන අස්ථාවරත්වය යුරෝපීය ආර්ථිකයන් කෙරෙහි එල්ල කරන බලපෑම මෙමගින් මනාව පැහැදිලි වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














