ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් (PSL) තරග තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. දසුන් ශානක PSL තරගාවලිය අතරතුර එයින් ඉවත්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීමට තීරණය කිරීම මෙම තහනමට හේතු වී ඇත.
මෙම තීරණයත් සමඟ දසුන්ට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත. තමන් ගත් මෙම තීරණය පිළිබඳව බෙහෙවින් කනගාටු වන බවත්, ඒ පිළිබඳව පාකිස්තාන ජනතාවගෙන් සහ PSL රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් දසුන් ශානක ප්‍රකාශ කර තිබේ.















