2026 වර්ෂයට අදාළ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා නිවේදනය කරයි.
මෙම විභාගයේ අයැදුම්පත් භාරගැනීමේ පෙර පැවති අවසන් දිනය අප්‍රේල් 20 වැනිදා වූ නමුත්, අයැදුම්කරුවන්ගේ පහසුව පිණිස එය මෙලෙස දීර්ඝ කර තිබේ.
දහම් පාසල් අංශයේ වෙබ් අඩවිය: www.dbadhammaschool.giize.com
Google Play Store හි ඇති Dhamma School ජංගම යෙදුම (App)
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම විභාගය දහම් පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය සුදුසුකම් තහවුරු කෙරෙන වැදගත් විභාගයකි.
















