දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වුවද, හෙට (22) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය (Heat Index) “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ද උණුසුම් දර්ශකය ඉහළ අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ වැඩි වේලාවක් අව්වේ රැඳී සිටීමෙන් තෙහෙට්ටුව සහ මස්පිඩු පෙරළීම වැනි සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය.
ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ එළිමහනේ වෙහෙසකර කටයුතුවල යෙදීම සීමා කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.














