ලොව ප්‍රමුඛතම ගුවන් යානා එන්ජින් නිෂ්පාදකයෙකු වන GE Aerospace සමාගම, 2026 වසර සඳහා වන සිය ලාභ පුරෝකථනයන්හි ඉහළම මට්ටම (High end) කරා ළඟා වීමට තමන්ට හැකි වනු ඇති බව අද (21) ප්‍රකාශ කළේය. මීට පෙර සමාගම සිය වාර්ෂික ලාභය එක් කොටසක් සඳහා ඩොලර් 7.10 ත් 7.40 ත් අතර වනු ඇතැයි පුරෝකථනය කර තිබූ අතර, වත්මන් වර්ධනය අනුව එය ඩොලර් 7.40 සීමාවට ආසන්න වනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම, ඉන්ධන සැපයුම් සීමා වීම සහ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ යම් බාධාකාරී තත්ත්වයන් (Bottlenecks) මතු විය හැකි බවට සමාගම අනතුරු අඟවයි. විශේෂයෙන්ම වසරේ තෙවන කාර්තුව දක්වා ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ඔවුන් උපකල්පනය කරයි. Airbus සහ Boeing වැනි දැවැන්ත ගුවන් යානා නිෂ්පාදකයින්ට එන්ජින් සපයන ප්‍රධානතම ආයතනය GE Aerospace වන බැවින්, මෙම තත්ත්වය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයට ද බලපෑම් එල්ල කළ හැකි බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














