ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යන සුවිශේෂී නිර්මාණයක් ලෙස යූ.ඒ. පල්ලියගුරු (U.A. Palliyaguru) අධ්‍යක්ෂණය කළ “Red Easter” චිත්‍රපටය මේ වන විට ගෝලීය අවධානයට ලක්ව තිබේ. ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වෙමින් මෙම නිර්මාණය ශ්‍රී ලාංකේය කලාකරුවෙකුගේ සිනමාත්මක ප්‍රකාශනය ලොවටම හඬගා කීමට සමත් වී ඇත.
Asian Talent International Film Festival 2025 – සම්මානලාභී (Award Winner)
Bangkok Movie Awards 2025 – සම්මානලාභී (Award Winner)
Athens International Film Festival 2026 – අවසන් වටයට තේරී පත් වූ (Finalist)
Tianjin International Academic Film Festival 2025 – අවසන් පූර්ව වටය
SAFAL International Film & Short Film Festival 2025 – අවසන් පූර්ව වටය
Indian Independent Film Festival 2025 – නිල තේරීම් (Official Selection)
ප්‍රවීණ නිෂ්පාදකවරයෙකු ද වන යූ.ඒ. පල්ලියගුරු මහතා 2012 වසරේ සිට මේ දක්වා චිත්‍රපට 15 ක් නිෂ්පාදනය කරමින් සිනමාවට දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත. සුපර්සික්ස් (2012), පැනිමකුලුවෝ (2017), සැඟවෙන කිරිල්ලියෝ (2019), රුහිරේ (2021) සහ ජිගලෝ (2024) ඇතුළු නිර්මාණ රැසක් ඔහුගේ නිෂ්පාදන දායකත්වයෙන් එළිදැක්විණි. 2026 වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත “ට්රුත් ඔර් ඩෙයාර්” (Truth or Dare) ඔහුගේ නවතම නිර්මාණ අතරට එක් වේ.
“Red Easter” යනු හුදු චිත්‍රපටයක් පමණක් නොව, ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර වෙළඳපොළට සහ උළෙලවලට විවෘත කරන නව මාවතක් බව විචාරකයෝ පවසති. නුදුරු දිනකදීම මෙම චිත්‍රපටය ලෝක ව්‍යාප්තව බෙදා හැරීමට නියමිතය.














