රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලී මෝල් හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය. මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කැලණිය ප්‍රදේශයේ ඉදිකරන නිවසක් සඳහා මිලදී ගත් දැව ප්‍රවාහනය කිරීමට අදාළ බලපත්‍ර සකස් කර දීම සඳහා දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලබා දීමට යැයි පවසමින් මෙම අල්ලස් මුදල ලබාගෙන තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු සහ නිලධාරිනියක් ඇතුළු අනෙක් සැකකරුවන් සිව්දෙනා මීට පෙර නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් 17 වැනිදා මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.














